මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (17) දිනයේ දි 1924 දක්වා ඉහළ ගියා. ඒ, අද (17) දිනයේ දී තවත් කොරෝනා අසාදිත වූ රෝගීන් 9 දෙනෙකු වාර්තා වීමෙන් ය.
එම රෝගීන් 9 දෙනා අතරින් 7 දෙනෙකුම විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. එයින් පස්දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඔවුන් අද (17) අළුයම චෙන්නායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකුගෙන් යුත් ගුවන් මගීන් පිරිසට අයත් වේ. ගුවන්තොටුපොළේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන් පස්දෙනා හඳුනාගෙන ඇත.
තවත් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වේ. අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.
අද දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන ඒ අනුව, 1397 දක්වා ඉහළ ගියේ ය. දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 516කි. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 11කි.
