Advertise with Giraya
NEWS

‘පාස්කු ප්‍රහාරය ගැන මට වගකීමක් ගන්න බැහැ’ – හිටපු ජනපති කියයි

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, සේනාධි නායක, ආරක්ෂක ඇමති සහ පොලීසිය භාර ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. නමුත්, පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා තමා වගකිව යුතු නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, බී.බී.සී. සිංහල සේවය සමඟ සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය.

එමෙන්ම, මේ වන විට පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Giraya News Alerts

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබුණේ නම් එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top