19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) වව්නියාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ‘‘2015 වසරේ අලූත් ආණ්ඩුවක් හදලා, අලූත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ කියන මතයෙන් පළමු අදියර ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. ඒ කාලයේදීම පැහැදිලිව කිව්වා මේක පළවෙනි පියවර කියලා. මේ, තාවකාලිකව සිදුකරපු සංශෝධනය රටේ නිරන්තර නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතු නැහැ. ඒක ඉවත් කරන්න ඕනේ තමයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟත්වයක් නැත්නම් රට ඉදිරියට අරන් යන්න ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න ඕනේ. ඒත් මේක අහෝසි කරලා මොන දිශාවකටද ගමන් කරන්නේ කියන එකයි හැබැයි වැදගත් වෙන්නේ ” යැයි පැවසුවේය.
