Advertise with Giraya
NEWS

තවත් රටවල් හතරකට රැකියා සඳහා පිටත්වීමට අවසර දෙයි

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමැතිය ලබාදීම මැයි 20 වන දා සිට යළි ආරම්භ කළ අතර, ඒ අනුව දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදී තිබේ.

එහි දෙවන අදියර අද (17) යළි ආරම්භ කර තිබෙන අතර ඒ අනුව හොංකොං, රුමේනියාව, පෝලන්තය හා චෙක් රාජ්‍යය ට අදාළ ලියාපදිංචි කිරීම අද සිට සිදු කෙරේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවසුවේ ඒ අනුව ඉහත රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිකයින් බඳවා ගැනීමට අදාළ දැන්වීම් පළ කිරීමට, බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවලට ඒ සමඟ අනුමැතිය හිමිවන බවය.

Giraya News Alerts

ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු 13 දින දා සිට විදේශ රැකියා සඳහා පිටත් වන පුද්ගලයින් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටුවන ලදී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top