ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුන තවත් ආසාදිතයින් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන 1397 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලබා ඇති ප්‍රතිශතය 72% ඉක්මවා ගොස් ඇත. සක්‍රීය ආසාදිතයින් ගණන 26% දක්වා අඩු වී ඇත.
මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.
- ජුනි 01 – රෝගීන් 10 ක් ද,
- ජුනි 02 – රෝගීන් 12 ක් ද,
- ජුනි 03 – රෝගීන් 13 ක් ද,
- ජුනි 04 – රෝගීන් 03 ක් ද,
- ජුනි 05 – රෝගීන් 19 ක් ද,
- ජුනි 06 – රෝගීන් 33 ක් ද,
- ජුනි 07 – රෝගීන් 50 ක් ද,
- ජුනි 08 – රෝගීන් 49 ක් ද,
- ජුනි 09 – රෝගීන් 67 ක් ද,
- ජුනි 10 – රෝගීන් 65 ක් ද,
- ජුනි 11 – රෝගීන් 28 ක් ද,
- ජුනි 12 – රෝගීන් 46 ක් ද,
- ජුනි 13 – රෝගීන් 56 ක් ද,
- ජුනි 14 – රෝගීන් 35 ක් ද,
- ජුනි 15 – රෝගීන් 55 ක් ද,
- ජුනි 16 – රෝගීන් 29 ක් ද
- ජුනි 17 – රෝගීන් 26 ක් ද වශයෙන් වේ.
ඊයේ (16) දිනයේ දී කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත. ඔවුන්ගෙන් සිව්දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඔවුන් සිව් දෙනාම ඉරාන ජාතිකයින් වේ.
අනෙක් රෝගීන් 6 දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පස් දෙනෙකු ද, මිහින්තලය නිරෝධායන මධ්‍යස්ථානයේ එක් අයෙකු ද වශයෙන් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
වාර්තා වූ එම රෝගීන් 10 දෙනා ද ඇතුළුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1915ක් ලෙස වාර්තා වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 899 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
වාර්තා වූ රෝගීන්ගෙන් 659 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් වේ. එම පුද්ගලයින් අතරින් 580 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 90,010ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.
- ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
- ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
- ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුනි 06 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- ජුනි 07 – 1718 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- ජුනි 08 – 1766 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 22
- ජුනි 09 – 1579 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
- ජුනි 10 – 1433 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
- ජුනි 11 – 1677 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –08
- ජුනි 12 – 1390 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –03
- ජුනි 13 – 1165 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –04
- ජුනි 14 – 1116 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –05
- ජුනි 15 – 1651 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –16
- ජුනි 16 – 1276 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
එමෙන්ම, සුවය ලැබූ රෝගීන් ප්‍රමාණයේ ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 507 දක්වා අඩු වී තිබේ. රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (17) දින පෙරවරු 10.00 වන විට,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 92ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 86 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 1ක් ද,
- ඉරණවිල රෝහලේ 17ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 69ක් ද,
- නාවික රෝහල (වැලිසර) 18ක් ද,
- හෝමාගම රෝහලේ 15ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 22 ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 104ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 73ක් ද,
- යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් රෝගීන් හය දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතී.
එමෙන්ම, පුද්ගලයින් 29ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.
