Advertise with Giraya
NEWS

හිරුණිකාට නොතීසි

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඒ අනුව විත්තිකාරියට ජුලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිතාසිය අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළේය.

Giraya News Alerts

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top