Advertise with Giraya
FOREIGN

ඉන්දු – චීන ගැටුමට ඇමරිකාව මැදිහත් වෙයි

ඉන්දු – චීන දේශ සීමා ගැටුම් හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කරයි. එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.

හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී මෙම ගැටුම පසුගියදා (15) රාත්‍රියේ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ

එම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයින් අතර හමුදා කර්නල්වරයෙක් ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම ගැටුමෙන් චීන යුධ හමුදාවේ සාමාජිකයින් 43 දෙනෙකුටද තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය සති කිහිපය පුරාවට ලඩාක් ප්‍රදේශය ආශ්‍රිත දේශ සීමාව උණුසුම් මුහුණුවරක් ගත් අතර අවස්ථා කිහිපයකදී ඇතිවූ මෙවැනි ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේ හමුදාවන් සිය භට පිරිස් වැඩි වශයෙන් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා තිබුණා

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top