තම රටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 53 දෙනෙකු අද (17) දින අලුයම , ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ චෙන්නායි සිට අද අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.- 1026 දරන විශේෂ ගුවන් යානයෙන් පැමිණ තිබේ.
වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් මගීන් පිරිස , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , කොරෝනා වසංගත රෝග තත්වය අනාවරණය කර ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ වලට ද භාජනය කෙරුණි.
එම පරීක්ෂණ වල ප්රතිඵල ලැබෙන තෙක් , මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සලසා ඇත.
