Advertise with Giraya
NEWS

‘ආර්ථික අර්බුදය ජය ගැනීමට මහ බැංකුවෙන් යහපත් ප්‍රතිචාරයක් නැහැ’ – ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට දැවැන්ත දෝෂාරෝපණයක්

රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ කිරීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව මට දැනුම් දෙන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(16)
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය.

‘සෞඛ්‍ය අර්බුදය ඒක ආර්ථික අර්බුදයක් වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල පවා මහබැංකු විශාල පියවර ගන්නවා. ඇමරිකාවේ Fed (සන්ධීය සංචිත බැංකුව) එක අමෙරිකානු ඩොලර් බිලියන 600 මේ ප්‍රෝගෑම් හදලා. අද නිවේදනය කළා. ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රටවල්වල මහබැංකු මේ වැඩසටහන පටන් අරන්.

Giraya News Alerts

දැන් මේ බලන්න AFED Commits to use full range of Tools to help the Economy through unprecedented time. දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නෑ. මහ බැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & Physical Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න. ඔයගොල්ලො ළඟ විවිධ tools තියෙනවා මේකට. ඒ tools පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහ බැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නෑ. නිකන් නිදාගන්නවා.

අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න. මේ Business වල වැරැද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටියට තියාගෙන බැංකුවලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආර්ථිකය දුවවන්න. මේ Money Circulation එකනේ. මේක සිම්පල් දෙයක්. මේ Basics of Economics නේ. හැබැයි ඔයගොල්ලෝ මොනවාද කරන්නේ. ඔයගොල්ලන්ගේ වැරදි එන්නේ රජය පිට. ඔයගොල්ලෝ මේවගේ ඒවා බලන්නේ නැතුව. දැන් බලන්න Finance Company වලට වෙලා තියෙන වැඩේ.

ඔයගොල්ලන්ගේ වගකීමක් මේ මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම ඒවා කරන්නෙත් නැහැ. ලීසිං ආයතන ඒවා කරන්නෙත් නැහැ. ETI එක? ඒවා ඔයගොල්ලෝ වැරදි විදිහට කරලා අන්තිමට ගෙවාගන්න බැහැ ඒ මිනිස්සුන්ට සල්ලි. The Finance ඒක වහලා අපි දන්නෙත් නැහැ. දැන් ඒකට සල්ලි ගෙවන්නේ කොහොමද? ඒවා කළමනාකරණය කරන්නේ නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ආර්ථික විශේෂඥයන්.ලක්ෂ ගණන් පඩි ගන්න. මොකද කරන්නේ ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා. දැන් මම දීලා තියෙනවා ඔයගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලොන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. බලන්න අනිත් රටවල් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බේරගන්න කරන වැඩ. කෝ ඒවා අපේ අය කරනවා. එක්කෝ ඔයගොල්ලෝ මාව අමාරුවේ දාන්න හදනවා. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඉන්න අය. මට මේ විදියට කතා කරන්න ඕන නැහැ. ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ රාජකාරිය කරනවානම්. නමුත් මාස අටක් දැන් මම පත්වෙලා. ආපු දවසේ ඉඳලා කියනවා කඩා වැටුණු ආර්ථිකය ගොඩගනිමු කියලා.

මට ඕනෑ නෑ ගිය ආණ්ඩුව කරපු වැරදි කතා කරන්න. නමුත් ඔයගොල්ලෝම දන්නවානේ ඔය බැංකුවේ හොරකම් කරන කොටත් ඔයගොල්ලොමනේ හිටියේ. ඒවායේදී එයාලට සහයෝගය දුන්නා නම් ඇයි මං මේ ඉල්ලන සාධාරණ දේ කරන්න බැරි. මහජනතාව දැනගන්න ඕන මේ වගේ නිලධාරීන් එක්ක වැඩකරන්න පුළුවන් ද. මට ජනතාව දීලා තියෙනවා විශාල බලයක් මේ රට හදන්න කියලා. මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න.

කොරෝනා වෛරසයක් ආවා. ඒක අද ලෝකේම කවදාවත් නැති ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, හමුදාව, බුද්ධි අංශය, පොලිසිය යන ආයතන කැපවීමෙන් වැඩ කරලා තමයි අපිට පුළුවන් වුණේ ලෝකෙ අනිත් රට වලට වඩා ඉස්සෙල්ලා මේ රට නැවතත් යථා තත්වයට ගේන්න. අපිට තියෙන මේ ආර්ථික අර්බුදය තව තවත් පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න එක තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ. දැන් ඒක කරන්න මට උදව් කරන්න. මම කියන ක්‍රමය නැත්නම්, මොනවද ඔයගොල්ලන් ඉදිරිපත් කරලා තියෙන වෙනත් ක්‍රම.

මේ වගේ අවස්ථාවක මේ රටේ ඉන්න ලොකු ම ආර්ථික විශේෂඥයෝ ඉන්න තැනක ඔයගොල්ලන්ගෙ යුතුකමක් නෙවෙයිද මේකෙන් ගොඩ එන ක්‍රම වේදයන් ඉදිරිපත් කරන එක? මොනවද ඔයාලා ඉදිරිපත් කරලා තියෙන්නේ? මොනවද කරන්න කියලා තියෙන්නේ? මොනවද මට දීලා තියෙන උපදෙස්? කිසි ම දෙයක් නෑ. මේ දේවල් බලලා මම කල්පනා කරලා මම කියපු දේවල් කරන්නවත් ඔක්කොම ඉදිරිපත් වෙන්නේ නෑ, ඒකත් අවහිර කරනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න, මේ ආර්ථික තත්ත්වයෙන් කොහොමද අපි ගොඩ එන්නේ කියන එක. ඔයගොල්ලන්ගේ අදහස් මොනවාද කියන එක, කොහොමද ආර්ථිකය ශක්තිමත් කරන්නේ, මේ ආර්ථික තත්වය මත බැංකුවල ට උදව් කරන්නේ කොහොමද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ගොඩ එන්න උපකාර කරන්න කොහොමද කියලා ඔයගොල්ලෝ කියන්න. මම වැරැද්දක් නම් කියන්නේ, කතා කරල කියන්න මං මේ කියන දේ වැරදි කියලා.’

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top