වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (16) දින සවස පුද්ගලයින් හතරදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කිරීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත අසාදාතියන් ගණන 1909 දක්වා ඉහළ ගියා. මෙලෙස, කොරෝනා ආසාදිත බවට තහවුරු වූ හතරදෙනාම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙරටට පැමිණි කාර්මික නිලධාර්න් හතරදෙනෙකු වේ.
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරිම සඳහා ඉරානයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට කාර්මික ශිල්පින් 85 දෙනෙකු පැමිණියා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබූවා. එලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ප්‍රථිපල ලැබෙන තෙක් ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටලයක නැවැත්වීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.
මේ අතර, අද (16) සවස 5.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් පස්දෙනෙකු වාර්තා වී ඇත. ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 1914ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය අද (16) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව තවත් රෝගීන් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1371ක් වේ.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 532ක් වේ. පුද්ගලයින් 11 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
