කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හදිසි හෘද සැත්කමක් සඳහා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පාලිත තෙවරප්පෙරුම පසුගිය කාලයේ කෝවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ කළුතර දිස්ත්‍රිකක්යේ අඩු ආදායම් පවුල්වලට සහන සලසමින් ඉටු කළ මානුෂීය ක්‍රියාන්විතය සමාජයේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පැසසුමට ලක් විය.
නමුත් ඔහු පෞද්ගලිකව මැදිහත්ව එම මානුෂීය කර්තව්‍යයන් සඳහා දායක වූව ද ඔහු දීර්ඝ කාලයක් තිස්සේ හදවත් රෝගයකින් ද පිඩා විඳිමින් සිටි අයෙකු බව වාර්තා වේ. නියමිත පරිදි අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඔහු උනන්දු නොවන අයෙකු බව ද පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලිත තෙවරප්පෙරුම මේ වන විට හදිසි ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර තිබෙන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග තහවුරු කර සිටියි. ඊයේ (15) පස්වරුවේ දී ඔහුව රෝහල්ගත කර ඇති අතර අද (16) දිනයේ දී හදිසි හෘද සැත්කම සිදු කිරිමට නියමිතව ඇත.
සම්බන්ධිත පුවත්
- තෙවරප්පෙරුමගේ මානුෂීය මෙහෙයුම ඉදිරියටම
- ජන හිතවාදී තෙවරප්පෙරුමගෙන් නව ෆේස්බුක් වාර්තාවක්
- රටම සංවේදී කරවූ තෙවරප්පෙරුමගේ කෙටි විවේකය
