Advertise with Giraya
Giraya NewsGiraya News
TECHNOLOGY

ඩෙංගු මර්දනයට අවුරුදු 11ක පාසල් සිසුවෙකුගෙන් නව නිපැයුමක්

ගාල්ල රිචඩ් පතිරණ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගනුම ලබන ජනන සතිශ්ක සිසුවා විසින් ඩෙංගු මදුරු ගහණය පාලනය කිරීම සඳහා නව නිපැයුමක් නිර්මාණය කර තිබේ. ඔහු ඊයේ (16) පස්වරුවේ තම නිර්මාණයද සමඟ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු විය.

මෙම නිර්මාණයට වැඩි වශයෙන් එක් රැස් වූ වැසි ජලයේ බිත්තර දමන ඩෙංගු මදුරුවන් ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ලැබෙන බව සතිශ්ක සඳහන් කරයි. වැසි ජලය යොදා ඇති මෙම භාජනයට පැමිණෙන ඩෙංගු මදුරුවා එහි දමන ලද බිත්තර ස්වයංක්‍රීයව විනාශ කිරීමට මේ උපකරණයට හැකියාව පවතී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනන සතිශ්ක සිසුවාගේ මෙම නිපැයුම් උත්සහය අගය කළ අතර එය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට අදාළ අංශවල අවධානයට ද යොමු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top