මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වෛරසය ඉතා සීඝ්‍රයෙන් පැතිර යන අතර ලොව පුරා වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතර සිව්වැනි ස්ථානයේ ඉන්දියාව පසුවේ. එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණයේ ඉහළ යෑමක් සිදු වුව ද එරට රෝගීන්ට නිසි ප්‍රතිකාරයක් නොලැබෙන බව ද වාර්තා වේ.
එමෙන්ම කොරෝනා රෝගය තදින් ව්‍යාප්ත වීම නිසා ඉන්දීය ජාතිකයන් වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති අතර ආහාර, ඇඳුම් වැනි මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දැඩි පීඩාවට ලක් වෙමින් සිටිති.
මෙවැනි හේතුන් නිසා කොරෝනා ආසාදනය වූ ඉන්දීය ජාතිකයින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව බුද්ධි අංශ අනතුරු අඟවයි. දැනට ඒ අයුරින් ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බවට බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ ඉතාම සාර්ථක අන්දමින් කොරෝනා රෝගය පාලනය කරන තත්ත්වයක සිටියදී මේ ආකාරයට එම රෝගය ආසාදනය වූ පුද්ගලයන් රටට ඇතුළු වුවහොත් බරපතළ තත්ත්වයක් උදාවනු ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.
සම්බන්ධිත පුවත්
