ලෝකයේ රටවල් හා ස්වාධීන කලාප 213ක පැතිර යමින් පවතින කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ ප්‍රමාණය ඊයේ (15) දිනයේ දී 80 ලක්ෂය ඉක්මවා ගියා. worldometer.com වෙබ් අඩවියේ දත්ත වාර්තාවන්ට අනුව මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 8,118,908ක් වේ.
මෙම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයෙන් වැඩිම ගණනක් වූ 21 ලක්ෂය ඉක්ම වූ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ය. ඉන්පසුව බ්‍රසීලයේ 891,556ක් ද, රුසියාවෙන් 537,210ක් ද, අසල්වැසි ඉන්දියාවෙන් 343,091 ක් ද ලෙස අසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
වෛරසය මූලාරම්භය සිදු වූ චීනයෙන් ඊයේ (15) දිනයේ දි රෝගින් 49 දෙනෙකු වාර්තා වී ඇති අතර තවත් 177 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 439,204ක් වේ.
