Advertise with Giraya
NEWS

අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ථ වෙයි

ශ්‍රී ලාංකේය සිනමාවට මෙන්ම කතෝලික ජන සන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතියට මහගු මෙහෙවරක් ඉටු කළ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ථ වී තිබේ.

88 වන වියේ පසුවූ අර්නස්ට් පෝරුතොට පියතුමා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16) අළුයම ස්වර්ගස්ථ වී ඇති බව වාර්තා වේ.

1931 වසරේ අගෝස්තු මස 31 වනදා මාරවිල, පෝරුතොට ගම්මානයේදී උපත ලැබූ උන්වහන්සේ 1957 වසරේ පෙබරවාරි මස 2 වනදා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පූජාත්වරය ලැබුවේය. උන්වන්සේ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 – 1982) දරනු ලැබීය.

Giraya News Alerts

දක්ෂ සිනමාකරුවන් රැසක් ශ්‍රී ලාංකේය සිනමාවට හඳුන්වාදුන් අර්නස්ට් පෝරුතොට පියතුමා කිතුණු පෙරළිය, ගිහියා වැනි ග්‍රන්ථ හා ලිපි හරහා මෙරට ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top