කෝවිඩ් – 19 වෛරසය වැළඳී සුවය ලැබූ නාවික හමුදා නිලධාරීන් ගණන අද (16) දිනය වන විට 740ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. ඒ තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා නිලධාරින් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
කෝවිඩ් -19 වෛරසය වැළඳුන නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (15) දිනයේ දී ද හඳුනාගෙන ඇත. ඒ අනුව, කෝවිඩ් – 19 වෛරසය ආසාදිත වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන මේ වන විට 893ක් වේ. රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 153ක් දක්වා අඩු වී ඇත.
