Advertise with Giraya
NEWS

කුවේට්හි සිට පැමිණි කාන්තාවකට දෙවැනි වරටත් කොරෝනා වැළඳෙයි

කුවේට්හි සිට මෙරටට පැමිණ කොවිඩ් – 19 වෛරසය වැළඳී සුවය ලබා නිවෙස වෙත ගිය කාන්තාවකට යළිත් වරක් කොවිඩ් – 19 වෛරසය ආසාදිත වූ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ ඇති අතර යළිත් අසනීප වීම හේතුවෙන් පෙරේදා (14) දිනයේ අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

Giraya News Alerts

එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී ඇයට දෙවන වරටත් කොවිඩ් – 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කළේ, එම කාන්තාවගෙන් වෙනත් පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් නොමැති බවයි. එමෙන්ම, මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ දී වාර්තා වී ඇති බවයි.

මෙම රෝගීන්ගේ ශරීරයේ තිබෙන මියගිය RMA කොටස් හේතුවෙන් ඔවුන් යළි රෝගීන් බවට පත්වෙන බව ද මෙවැනි රෝගීන් සම්පුර්ණයෙන් විෂබිජ හරණයකට ලක්ව ඇති බැවින් ඔවුන් ගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමක් හෝ රෝග පැතිරීමක් සිදුනොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම, සාමාන්‍යයෙන් සුවය ලැබූ කොරෝනා රෝගියෙකු රෝහලෙන් පිටව යාමට පෙර දෙවතාවක් PCR පරික්ෂණයට ලක් කරන බවත් මේ කාන්තාවටත් ඒ අයුරින් දෙවතාවක් PCR පරීක්ෂණය සිදු කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙම කාන්තාවගේ නිවසේ සිටින සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් නිරෝධායන ක්‍රියාවලියට ලක් කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top