Advertise with Giraya
NEWS

අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 13ක් වෙයි

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (15) දින පස්වරු 6.15 වන විට කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් 13 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1902 දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වූ රෝගින් 13 දෙනාගෙන් 12 දෙනෙකුම විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් පස්දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ ද, එක් අයෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ද, තවත් 6 දෙනෙකු මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

අනෙක් ආසාදිතයා නාවික හමුදා සෙබළෙකු වන අතර ඔහු මුලතිව් නිරෝධායන මධ්‍යාස්ථානයෙන් වාර්තා වී ඇත.

Giraya News Alerts

අද (15) දිනයේ දී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් 55 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1342 දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 549ක් වේ. වාර්තා වූ රෝගීන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top