Advertise with Giraya
NEWS

චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය රිය අනතුරකින් ජීවිතක්ෂයට

ප්‍රකට ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

වැල්ලවත්ත පරණ හැව්ලොක් මාර්ගයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට දී ඊයේ (14) පස්වරු 5.30ට පමණ මෝටර් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් ඇය ජිවිතක්ෂයට පත් වී ඇත.

අනතුර සිදුවන ආකාරය අසළ වෙළෙඳසැලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබෙන අතර අනතුර සිදු වූ අවස්ථාවේ දී ම ඇගේ සැමියා තම බිරිඳට කෘතිම ශ්වසනය ලබා දීමට ද කටයුතු කර තිබුණි. කෙසේවෙතත් එම කාන්තාව අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Giraya News Alerts

ගොරකපිටිය, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වීනාවි සුලක්ඛනා මාපිටිගම නමැති ඇය මිය යන විට ඇය 41 හැවිරිදි වියේ පසු වූ අතර තිදරු මවක් ද වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top