Advertise with Giraya
NEWS

කිසිදු හේතුවක් මත බස් ගාස්තු ඉහළ දමන්නේ නෑ – මහින්ද අමරවීර

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ ආසන ගණනට පමණක් බස්රථවල මගීන් රැගෙන යාම හේතුවෙන් ආදායම් ප්‍රමාණවත් නොවන බවට බස් සංගම් විසින් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබුණි.

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාවේ මෙන් සාමාන්‍ය අය කිරීම්වලට වඩා සියයට එකයි දශම 5 ක් දක්වා පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කර ඇත.

කෙසේවෙතත්, පෞද්ගලික බස් රථ ගාස්තු කිසිදු හේතුවක් මත ඉහළ දැමීමට පියවර නොගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Giraya News Alerts

එවැනි ආකාරවෙන් පෞද්ගලික බස් රථ ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකරන අතර දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top