Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

ඡන්දයේදී ඇඟිල්ල පාට නොකළහොත් මුදලුත් කාලයත් ඉතුරුයි

කොරෝනා වසංගතය නිසා, දැඩි සෞඛ්‍ය උපදෙස් මත මැතිවරණය පැවැත්වෙන මේ අවස්ථාවේ ඇඟිලිවල තීන්ත ආලේප කිරීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගතහොත්, ඒ සඳහා යොදවන නිලධාරීන් සහ තීන්ත වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමද අවශ්‍ය නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එසේ තීන්දුවක් ගතහොත්, ඡන්ද දායකයකුට ඡන්දය පාවිච්චි කිරීමට ගතවන කාලය අඩු කර ගැනීමට ද ඉඩ සැලසෙන බවද ඔවුහු පෙන්වා දෙති.

නමුත්, මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්ද දායකයකුගේ අනන්‍යතාව තහවුරු කිරීමට හැඳුනුම්පත් හතක් අනුමත කර, ප්‍රකාශයට පත්කර තිබියදී ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමේ ක්‍රියාවලියෙන් මිදීමට උනන්දුවක් මැතිවරණ බලධාරීන්න නොදක්වන බව වාර්තා වේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, පුරවැසි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරනු ලබන පූජ්‍ය/පූජක හැඳුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුනුම්පත ඡන්දය පාවිච්චි කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් බව නීතිගතව ඇත.

Giraya News Alerts

එවන් පසුබිමක් තුළ තවදුරටත් ඡන්ද දායකයන්ගේ ඇඟිල්ලේ තීන්ත ගෑමේ අවශ්‍යතාවක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ මහින්ද දේශප්‍රිය මහතා ‘මව්බිම’ පුවත්පතට සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බවය.

එසේ කිසිවකු හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top