Advertise with Giraya
POLITICS

‘මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකට පවා පිහියක් නැති වුනා’ – රවුෆ් හකීම්

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනතාවට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි. මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මෙවැනි කල්ලියක් අපි අතරේම සිටි බව කිසිවෙකු දැන නොසිටි බවත් , දිගින් දිටම මෙවැනි ප්‍රචාර තුළින් මුස්ලිම් ජනතාව අපහසුතාවයට පත්ව ඇතැයි ද පැවසීය.

මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකට පවා “ පිහියක් “ නොමැති වු බවත්, මෙම කතාව පවා පළ කරමින් චෝදනා කල ද කිසි විටෙකත් තම පක්ෂය සැලෙන්නේ නැති බවද කියා සිටියේය.

පාස්කු ඉරු දින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමඟ තම දේශපාලන පක්ෂයට කිසිදු සබඳතාවක් නොමැති බවත් මෙලෙස තම පක්ෂයට චෝදනා කර සිටින්නේ මැතිවරණය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top