Advertise with Giraya
NEWS

‘මලික් අබ්දුල්ලා’ විශ්වවිද්‍යාලය බැටිකලෝ කැම්පස් වුන හැටි

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට ක්‍රියාත්මක වන බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු දා ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (13) හෙළි කළහ. අදාළ ජාලය තුළ අරාබි ජාත්‍යන්තර පාසල් 30ක් පමණ ක්‍රියාත්මක වන බව ද උන්වහන්සේ එහිදී හෙළි කළහ.

අදාළ පාසලක නම සඳහන් ප්‍රකාශයක් කළහොත් ඊට පසුදිනම එම පාසලේ නම වෙනස් කරන බැවින් මේ පාසල් ජාලය පිළිබඳ තොරතුරු සෙවීමට අපහසු බවද ඥාණසාර හිමියෝ සඳහන් කළහ. තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශ තුළ එම ජාත්‍යන්තර පාසල් පිහිටා ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ. ඒවායේ ප්‍රධානීන් ඉහ්වාන් හා ජමාතේ ඉස්ලාම් යන අන්තවාදී මතයන් දරන්නන් බවද උන්වහන්සේ අනාවරණය ක‍ළහ.

ශ්‍රී ලංකාවේ සිටියදී අයි. එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොමුවූ පළමු පුද්ගලයා ද ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු බව ඥාණසාර හිමි කොමිසමට පෙන්වා දුන්හ.

මේ අතර විදේශයන්හි සිට අන්තවාදින් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරිම සඳහා මෙරට තුළ තවමත් නිසි ක‍්‍රමවේදයක් නොමැති බව ද මෙරට තුළ කලක් තිස්සේ සිදුවු අන්තවාදි ක‍්‍රියාකාරකම් පිළිබඳ තමන් දැනුවත් කළද පාස්කු ප‍්‍රහාරය එල්ලවන තුරු තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු නොකළ බවද උන්වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකශ කළහ.

‘මෙරට තුළ ෂරියා විශ්වවිද්‍යාල ඇති බවට තොරතුරු ලැබුණේ දැයි‘ කොමිසම ඥනසාර හිමියන්ගෙන් කළ විමසුමේදී උන්වහන්සේ සඳහන් කරනු ලැබුවේ

මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයකුගේ නමින් හෝ ආගමික නායකයකුගේ නමින් නම් කර නොමැති පසුබිමක නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ‘මලික් අබ්දුල්ලා‘ යන සෞදි අරාබි රජවරයකුගේ නමින් මෙරට තුළ විශ්වවිද්‍යාලයක් ඉදි කළ බවය.

විරෝධතා පවා සිදුකර එම විශ්වවිද්‍යාලය ඉදි කිරීම වළක්වා ගැනීමට නොහැකි වුවද ඊට ඇති කළ විරෝධතාවන් හමුවේ ‘මලික් අබ්දුල්ලා‘ යන නම ගලවා දැමීමට හැකිවූ බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

එම විශ්වවිද්‍යාලය අද වන විට බැටිකලෝ කැම්පස් ලෙස පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top