Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 5යි

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1889 දක්වා ඉහළ ගොස් තිබේ. ගත වූ පැය 24 තුළදී වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් වේ.

හඳුනාගත් ආසාදිතයින් පස්දෙනාගෙන් තිදෙනෙකු කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, එක් අයෙකු විඩත්තපළෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, අනෙක් පුද්ගලයා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත.

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ (14) වාර්තා කළ අන්දමට තවත් රෝගීන් 35 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1287ක් දක්වා ඉහළ ගොස් ඇත.

Giraya News Alerts

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන ඒ අනුව, 591 දක්වා අඩු වී ඇත. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top