පසුගිය මැයි මස 29 වන දින ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ‘ලක්මැදුර’ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ වැගන් ආර් වර්ගයේ කාර් රථය පැද වු බවට තහවුරු වූ රියදුරා ඊයේ (14) දිනයේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 32 ක් වන මෙම රියදුරු නැගෙනහිර මොරටුමුල්ල, මොරටුව යන ලිපිනයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ (14) අළුයම 4.15ට පමණ කටුගහගල්ගේ ජනපදය, බුත්තල ප්‍රදේශයේ සැඟවී සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය වෙඩි තැබීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයකින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති අතර ඒ සඳහා යොදා ගත් ත්‍රීරෝද රථය නිවසේ තිබී සොයා ගෙන තිබේ.
තවද මෙම සැකකරුගේ ප්‍රකාශ හා මඟපෙන්වීම මත අංක 71, නැගෙනහිර මොරටුමුල්ල, මොරටුව යන ලිපිනයේ නිවස පිටුපස වළ දමා තිබිය දී ටී 56 සජීවි පතරොම් 2 ක් හා විදෙස් රටක නිෂ්පාදිත සජීව අත්බෝම්බයක් ද සොයා ගෙන ඇත.
ගල්කිස්ස පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
සම්බන්ධිත පුවත්
- සොයිසාපුර සිදුවීමේ නවතම තත්ත්වය
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ පොලිසියට කොටුවෙයි
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලීසියට කොටුවෙයි
- සොයිසාපුර සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ක්රිකට් ක්රීඩක ධනංජයගේ පියා ඝාතනයේ ප්රධාන සැකකරුයි
