මාස දෙකක කාලයකට පසුව චීනයේ බීජිං අගනුවරින් නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, බීජිං නගරයේ පිහිටි විශාල Xinfadi නම් වූ තොග වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව නව කොරෝනා වෛරස පොකුරක් ඇතිවීම හේතුවෙන් ය. මේ වන විට එම වෙළද සංකීර්ණය සම්පුර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම වෙළද සංකීර්ණය ආශ්‍රිතව පුද්ගලයින් 517 දෙනෙකුගේ සිදුකළ කොරෝනා වෛද්‍ය පරීක්ෂණ වලින් මේ වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 45 දෙනෙක් වාර්තා වී ඇත. මිට දින දෙකකට පමණ ඉහතදී වාර්තා වූ කොරෝනා ආසදිතයෙක් ගේ සංචාරණ ඉතිහාසය පිළිබදව විමසීමේදී ඔහු ඊට සතියකට ඉහතදී Xinfadi තොග වෙළද සංකීර්ණයට සිය නිවසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ගොස් ඇති බවට හෙළිවී ඇත.
ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණ වලදී එම වෙළද සංකීර්ණයේ සේවකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී තිබෙනවා. මේ සමඟම නැවත වරක් කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් බීජිං අගනුවර ආශ්‍රිතව නිර්මාණය වීමේ අවදානමක් මතුවීම හේතුවෙන් දකුණු දිග බිජිං හි පිහිටි Fengtai දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් අගුළු දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
බිජිං අගනුවර වෙසෙන ජනතාවගේ සියයට 80 කට අවශ්‍ය එළවලු, මස්, මාළු ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සිදුවන්නේ Xinfadi වෙළද සංකීර්ණය හරහා බැවින් ඇතිවී තිබෙන තත්ත්වය සුළුපටු ලෙස සැලකීමට අදහස් නොකරන බව එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මේ අතර Xinfadi වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව සිටින පුද්ගලයින් දස දහසකගේ කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මේ වන විට දකුණු දිග බිජිං හි Fengtai දිස්ත්‍රික්කය ආශ්‍රිතව දැඩි ආරක්ෂිත වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇත්තේ එහි පදිංචිකරුවන්ට වෙනත් ප්‍රදේශ වෙත ගමන් කිරීමට ඇති ඉඩ ඇහිරීම සඳහායි.
