Advertise with Giraya
NEWS

සත්වෝද්‍යාන හා ජාතික උද්‍යාන හෙට සිට යළි විවෘතයි

කෝවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලුම සත්වෝද්‍යාන හා ජාතික උද්‍යාන හෙට (15) සිට යළි විවෘත කරන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කරයි. ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් වලට අනුව එම කටයුතු සිදු කරන බවයි.

කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස 15 වනදා සිට සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන වසා දැමීමට පරිසර හා වනජීවි අමාත්‍යාංශය විසින් පියවර ගන්නා ලදී.

මේ අතර, අගෝස්තු මස 01 වන දින හෝ ඊට පෙර දිනයකදී සංචාරකයින් සඳහා යළි කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (13) සඳහන් කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top