ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ගත වූ පැය 24 තුළ දී රෝගීන් හතරදෙනෙකු වාර්තා වීමත් සමඟ ය.
ඊයේ වාර්තා වූ රෝගීන් හතරදෙනාගෙන් තිදෙනෙකුම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු කටාර්හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය ද, තවත් එක් අයෙකු චෙන්නායිහි සිට මෙරටට පැමිණ කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 1252 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර සක්‍රීය ආසාදිතයින් ගණන 621ක් වේ. ආසාදිත වූවන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
