Advertise with Giraya
NEWS

මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කෝවිඩ් – 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද (13) දින පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ. මාලදිවයිනේ රැකියාවල නිරතව සිටි මොවුන් නැවත මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිට ඇත.

දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස කටුනායක ගුවන් තොටුපලේ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාල වාර්තා ලැබෙන තෙක් ඔවුන් සංචාරක හෝටල් කිහිපයක නවාතැන් ගෙන තිබේ.

අදාල පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top