Advertise with Giraya
NEWS

වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙනුත් තහනම් භාණ්ඩ සොයා ගනියි

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් රඳවා සිටින සිර මැදිරි ආශ්‍රිතව සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකත 3 ක් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව බැටරි 17 ක් සහ සිම් කාඞ්පත් 3 ක්ද සොයා ගැණුනු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර බෝගම්මබර බන්ධනාගාර නිලධාරීන්ද රැදවියන් සතු තහනම් භාණ්ඩ සොයා මෙහෙයුමක් අද (13) ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

පසුගියදා ජනාධිපතිවරයා විසින් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වන මැර කල්ලි පිළිබඳව දැඩි ලෙස බන්ධනාගාර නිලධාරින්ට දෝෂාරෝපණ එල්ල කර අතර බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද පැවසුවේ ය.

Giraya News Alerts

ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ ඉහළ තනතුරුවල ද වෙනසක් සිදු විය. තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත් වී පැය 24 ක් යාමට මත්තෙන් බුද්ධි අංශ නිලධාරීන් යොදාව පසුගියදා (09) මීගමුව, මැගසින්, කොළඹ හා බෝගම්බර යන බන්ධනාගාරවල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් ජංගම දුරකථන 79ක්, සිම්පත් 51ක්, දුරකථන බැටරි 71ක්, දුරකථන චාජර් 30ක් හා මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයා ගනු ලැබීය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top