කැනඩාවේ ආදිවාසී ප්‍රධානියෙකු අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය විසින් ප්‍රචණ්ඩ අයුරින් ඔහුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් කැනඩා වැසියන් කම්පනයට පත් වී තිබේ.
අතබාස්කා චිපෙවන් නැමැති ආදිවාසීන්ගේ ප්‍රධානියා වන ඇලන් ඇඩම් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරින් විසින් නැවත නැවතත් පහර දෙන ආකාරයේ වීඩියෝවක් ද ‘ද ගාඩියන්’ පුවත් සේවය මඟින් වාර්තා කර තිබේ.
එම වීඩියෝවේ ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසිය විසින් ඔහුව බිම දමා ගෙන අමානුෂික ලෙස පහර දෙන ආකාරයක් දැක්වේ. මේ වන විට මෙම සිද්ධිය වෙනුවෙන් මහජනතාව විරෝධතාවයන් පල කරන අතර කැනඩා පොලිස් පද්ධතිමය වර්ගවාදය මත කටයුතු කරන බව ඔවුන් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇලන් ඇඩම් මාධ්‍ය වෙත පවසා තිබුනේ ඔවුන් සුළු ජාතියක් බැවින් ඔවුන් වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවයි. එමෙන්ම, පොලීසිය ද ඔවුන්ගේ සුළු වරදක දී වුව ද අසාධාරණ ලෙස බලය යොදා ගන්නා බවයි.
අමෙරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියට සමගාමී අයුරින් පොලිස් ප්‍රතිසංස්කරණයක් ඉල්ලා කැනඩාව පුරා ද උද්ඝෝෂණ පැවැත්වේ.
එම සිද්ධිය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වේ.
