Advertise with Giraya
NEWS

සිරිකොත වගකීම ගන්න සැරසෙන සජිත්

අගෝස්තු 5 වන දිනෙන් පසු සිරිකොත වගකීම භාර ගැනීමට තමා ඇතුළු කණ්ඩායම සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වූ නායකත්ව අර්බුදය සමඟි ජන බලවේගය නිර්මාණය කිරීමට හේතු වූ බවයි. දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මේ අතර, සමගි ජන බලවේගයේ 2020 මහ මැතිවරණ සටන ආසන බල මණ්ඩල මට්ටමින් 20 වැනිදා සිට රට පුරා දියත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

Giraya News Alerts

සමගි ජන බලවේගයේ හැම ආසනයක් තුළම ජව සම්පන්නව ජනතාව හා රොද බඳින බලවේගයක් බවට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ ආරම්භක පියවරක් ලෙස නව ක්‍රමවේදයකට මෙම මහ මැතිවරණ සටන දියත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රධාන කථිකයන් සහභාගි වන ප්‍රචාරක රැලි හැම ආසනයකම හැකිතාක් උපරිමයෙන් සංවිධානය කරන බවද, ගමින් ගමට ජනතාව ඇමතීමට හැකි ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් කිරීමට කටයුතු කරන බව ද ඔහු තවදුරටත් පවසා සිටියා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top