Advertise with Giraya
NEWS

මම ද්විත්ව පුරවැසිභාවය දරන්නෙක් – රත්නජීවන් හූල්

ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් විසින් තමන් ද්විත්ව පුරවැසියෙක් බවත් එය ලබා ගැනීමට හේතු වූ කරුණු පිළිබඳවත් පසුගියදා සිරස ටී.වී. මාධ්‍ය ආයතනයේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

එහිදී, තමන්ට දෙවරක් රට අතහැර යාමට සිදු වූ නිසා මේ අයුරින් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට සිදු වූ බව ඔහු පවසනවා. 2006 වසරේදී එල්.ටී.ටි.ඊ තර්ජනය හේතුවෙන් රට අතහැර යාමට සිදු වූ බව ඔහු පවසනවා. පසුව 2011 වසරේදී සිදු වූ මැතිවරණ අක්‍රමිකතාවක් පිළිබඳව පුවත්පත්වලට වාර්තා කිරීම හේතුවෙන් තමන්ට බොරු චෝදනා එල්ල වූ බවත් ඒ අවස්ථාවේදී ඇති වූ තර්ජන නිසා දෙවන වරට රට අතහැර යාමට තමන්ට සිදු වූ බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ඔහු මේ රටේ ජීවත් වීමටත් මේ රටේදී මියයාමටත් ආශාවක් දක්වන බව එහිදී සඳහන් කරයි. එල්.ටී.ටී.ඊ හේතුවෙන් රට හැර යන්නට වූ ඔහු එල්.ටී.ටි.ඊ වෙනුවෙන් මුදල් එකතු කරන බවට බොරු චෝදනා එල්ල වන බවත් ඔහු පවසනවා. දෙමළ ජනතාව ඔහුව දේශද්‍රෝහියෙකු ලෙස හිතන බැවින් තමන් දුක් වන බව ඔහු වැඩිදුරටත් එහි දී ප්‍රකාශ කරයි.

එම වැඩසටහන පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top