නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයකු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වූව ද ඔහුගේ නම නාමයෝජනා පත්‍රයේ සඳහන් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එමෙන්ම, ඔහුට ලබා දෙන ඡන්ද ප්‍රමාණය ද එම අපේක්ෂකයාගේ නම ඉදිරියේ සටහන් වන බවත් යම්කිසි අපේක්ෂකයකු මැතිවරණයෙන් ඉවත් වන බවට නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු දැනුම් දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
