Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ රෝගීන් ගණන 3යි

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1880 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (12) දිනයේ දී රෝගීන් තිදෙනෙකු පමණක් හඳුනාගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තපලෙයි ද, තවත් එක් අයෙකු මුලතිව්හි ද නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් වේ. අනෙක් ආසාදිතයා කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.

ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවේ සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 673ක් වේ. සුවය ලැබූ සමස්ත ගණන 1196ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top