Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

සමගි ජනබලවේගයෙන් නාම යෝජනා දුන් නිලූකා ඒකනායකත් අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි

එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරඟ වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇය ඒ පිළිබඳ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට සහ එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියකින් ද දන්වා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිනියක වූ නිලූකා ඒකනායක, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල හිටපු ආණ්ඩුකාරවරියක ලෙස ද කටයුතු කළා.

Giraya News Alerts

මේ අතර එළඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් මාතර දිස්ති‍්‍රක්කයට නාම යෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මෙන්ම එම පක්ෂයෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයට නාමයෝජනා ඉදිරිපත් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ අම්බන්ගොඩ හිටපු ප‍්‍රධාන සංවිධායක විශ‍්‍රාමික මේජර් ඩෙනට් පනියන්දූව ද එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ නොකරන බව ඉකුත් දා ප‍්‍රකාශ කළා.

මේ අතර නාවලපිටිය ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ අධාරකරුවන් පිරිසක් එළඹෙන මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සහය පළ කිරීම සඳහා එක්ව තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ, ගේ ප‍්‍රධානත්වයෙන් නාවලපිටියේ පැවැති උත්සවයකදී එම පිරිස ශ‍්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයට සහය පළ කිරීම සඳහා එක්ව තිබේ.

නාවලපිටිය ආසනයේ වැලිගම්පොල සහ කැන්දපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජලබල පෙරමුණේ ආධාකරුවන් සියදෙනෙකු පමණ නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවකදි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එහිදී එක්විය.

මෙහිදි අදහස් දැක් වු හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ප්‍රබලයින් කිහිප දෙනෙකුද ඉදිරි දින කිහිපය තුලදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට සහයෝගය ලබා දිමට එක්විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top