Advertise with Giraya
POLITICS

‘එජාපයේ කට්ටිය ගහන බල්ටි ඉදිරියේ දී දැකගත හැකියි’ – මහින්ද අමරවීර

සජිත් පිලෙන් නාම යෝජනා දුන් විශාල මන්ත‍්‍රීවරු පිරිසක් ඉදිරියේ දී ඔහුගෙන් ඉවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (10) කෙරවළපිටිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ලිහිසි තෙල් නිෂ්පාදනාගාරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමටත් පෙර මංගල සමරවීර මහතා ඉවත් වූ බවත්, ඉදිරියේ දී වරින් වර මන්ත‍්‍රීවරු ඉවත් වීම සියලූ දෙනාට දැකගත හැකි බවද අමරවීර මහතා සඳහන් කළේය.

Giraya News Alerts

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඇමැතිවරයා මෙසේද කීය.

‘‘හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියන්නා වාගේ එජාපයේ කට්ටිය ගහන බල්ටි ඉදිරියේදී දැක ගත හැකියි. අපිට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේ ගැටලූවක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් හා රනිල් පිළ අතර තියෙන ගැටුම නිසා මහජනතාවට තේරුම් ගොස් තිබෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක අනාගතයක් නැහැ කියලා. ඒ් නිසා මේ වනවිට ගම්වල ඉන්න එජාපයේ බුරුතු පිටින් අපිත් එක්ක එකතු වෙනවා.

රටේ තිබෙන දේශපාලන පක්ෂ කැඞී යෑම හා දුර්වල වීම මම හොඳ දෙයක් විදියට කල්පනා කරන්නේ නෑ. ආණ්ඩුවක් සාර්ථකව ඉදිරියට යන්න නම් ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි. ශක්තිමත් විපක්ෂයක් තිබෙන විට තමයි ආණ්ඩුවකට වුණත් ඒ අභියෝගවලට මුහුණ දීලා වැඩ කරන්න හිතෙන්නේ. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ දී ශක්තිමත් විපක්ෂයක් අපේ ආණ්ඩුවට නොමැති බව සහසුද්දෙන්ම දැන් පැහැදිලියි.

අද රටේ ජනතාවට තිබෙන ප‍්‍රධාන අපේක්ෂාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමා ආවට ගියාට තීන්දු තිරණ ගන්නා කෙනෙක් නොවන බව ක‍්‍රියාවෙන්ම ඔප්පු කර අවසන්. කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට එතුමා දුන් නායකත්වය අති විශිෂ්ටයි. ලෝකයේ දියුණු රටවල දහස් ගණනින් කොවිඞ් 19 න් මරණයට පත්වෙද්දී අපේ ජනාධිපතිතුමා වසංගත තත්ත්වය පාලනය කිරීමට හා රටේ ජනතාව කුසගින්නේ නොතබමින් සියලූ දෙනා රැක ගනිමින් කටයුතු කළ ආකාරය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මහජනතාව අගය කරනවා.

ඒ් නිසා තුනෙන් දෙකක බලයක් නොව ඊටත් වඩා සමහර විට හයෙන් පහක බලයක් දක්වා මේ මහ මැතිවරණයෙන් වත්මන් රජය ඉහළට ඔසවා තැබීමට රටේ මහජනතාව කටයුතු කරන බව අපිට විශ්වාස” යැයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top