Advertise with Giraya
NEWS

රංගේ බණ්ඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට පත් වෙයි

හිටපු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ දී ඊයේ (11) අනතුරකට ලක් වී ඇති බව ආණමඩුව පොලීසිය සඳහන් කරයි.

එම මෝටර් රථය, පුත්තලමේ සිට ආණමඩුව දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ගැටී තිබෙන අතර මෙම මෝටර් රථය යසෝධ නෙතඟ රංගේ බංඩාර නමින් ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් පසු මෝටර් රථයේ සිටි අය සහ ටිපර් රථයේ රියදුරා පලා ගොස් ඇති අතර පසුව පොලීසිය අදාළ වාහන පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top