Advertise with Giraya
NEWS

දහම් පාසල් ආරම්භය අදියර තුනකට

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල් ද මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර දහම් පාසල්වල 03 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා ආරම්භ කෙරෙන්නේ ජූලි මස 26 වැනිදා සිටයි. කෙසේවෙතත් දහම් පාසල්වල 01 සහ 02 ශ්‍රේණි, පාසල් වල 01 සහ 02 ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන ඉරුදින ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top