වවුනියාවේ, නන්දිමිත්‍රගම ප්‍රදේශයේ නන්දිමිත්ර යෝධයාට අයත් බව කියන රන් ආභරණ රැසක් සහ මැණික් මුට්ටියක් සොයමින් නිධානයක් හාරමින් සිටි වෛද්‍යවරයකුගේ බිරිඳක් ඇතුළු තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ සැකකරුවන් 24 දා දක්වා බන්ධනාගාරගත කරන ලෙස වවුනියව දිස්ත්‍රික් මහෙස්ත්‍රාත්වරිය ඊයේ (11) නියෝග කළා.
එම ස්ථානයේ නිධානයක් හාරන බවට බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව වවුනියාව බෝගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් විපරම් කිරීමේ දී නිධානය ලබා ගැනීම සඳහා එම පිරිස පූජා තබමින් සිට තිබුණා.
එම අවස්ථාවේදී, පොලිසිය විසින් නිධානය හෑරීමට සූදනමින් සිටි වෛද්‍යවරයාගේ බිරිඳ ඇතුළුව සැකකරුවන් තුන්දෙනාද නිධානය හෑරීමට උපයෝගී කර ගන්නා ලද උපකරණ හා පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේම, ඔවුන් නිධානය හාරමින් සිටි ස්ථානයේ නන්දිමිත්ර යෝධයාට අයත් බව කියන රන් ආභරණ රැසක් සහ මැණික් මුට්ටියක් ඇති බව මීට පෙර පුරා විද්‍යා නිලධාරීන් විසින් තහවුරු කර තිබෙනවා.
