Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම ලැයිස්තුවේ ඉන්දියාව හතරවැනි තැනට

ලොව කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් වැඩිම ගණනක් සිටින රටවල් අතර ඉන්දියාව හතරවැනි තැනට පත් වී තිබේ. worldometers.com වෙබ් අඩවියට අනුව, ඉන්දියාවේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 298,283ක් වේ.

ඉන්දියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 8501ක් වේ. වාර්තා වූ රෝගීන්ගෙන් 146,972ක් සුවය ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එරට වාණිජ අගනුවර වන මුම්බායි නගරයෙන් පමණක් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන, කොවිඩ් වසංගතය පළමුවරට හඳුනාගත් වූහාන් නගරයෙන් වාර්තාවන ආසාදිතයින් ගණන ද ඉක්මවා ගොස් තිබේ.

Giraya News Alerts

මේ අතර නවතම විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ, ධාරිතාව ඉක්මවා වේගයෙන් ආසාදිතයින් වාර්තාවීමත් සමගින් ඉන්දියාවේ රෝහල් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවය. ඒ හේතුවෙන් බොහෝ රෝගීන් ප්‍රතිකාර නොලබාම මියයාමේ අවදානමක් උද්ගතවී ඇති බවත් මේ වාර්තා පවසයි.

එමෙන්ම නව සමීක්ෂණයකින් අනාවැකි පළකර ඇත්තේ, ජූලි මාසය අවසන් වනවිට නවදිල්ලි අගනුවරින් පමණක් ලක්ෂ 5කට ආසන්න ආසාදිතයින් හමුවනු ඇති බවටය.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන අනෙක් රටවල් හතර වන්නේ ඇමරිකාව, බ්‍රසීලය හා රුසියාවයි. ඇමරිකාවේ ඊයේ (12) දිනයේ දී සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 2 ද ඉක්මවා ගියා. බ්‍රසීලයෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන ලක්ෂ 8ක් ඉක්මවා ගොස් ඇත. රුසියාවෙන් ලක්ෂ 5කට පමණ අධික පිරිසක් වාර්තා වී තිබේ.

ලොව පුරා රටවල්වලින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ලක්ෂ 76ට ආසන්න වෙමින් පවතියි. කෝවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 423,000කට වැඩි පිරිසක් මරණයට පත් වී ඇත. තවත් 33 ලක්ෂයකට අධික පුද්ගලයින් ප්‍රමාණයක් රෝගීව පසුවේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top