Advertise with Giraya
NEWS

අගමැතිට තැපෑලෙන් රු.5000ක් ලැබෙයි

ආරක්ෂක අංශ නිලධාරින් විසින් අද(11) දිනයේ දී “අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතටම” යැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය වෙත යොමු කර තිබූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතටම ගෙනැවිත් භාර දී තිබුණි.

එහි වූයේ ලිපියක් සහ රුපියල් 5000ක නෝට්ටුවකි. පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ මැදිරිගිරියේ වෙසෙන අසූ හය හැවිරිදි වියේ පසුවන එස්. බී. හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක් විසින් මෙම ලිපිය අග‍්‍රාමාත්‍යවරයාට යොමු කර තිබිණි.

“දැනට අසූ හය වැනි වියේ පසුවන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇදේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේදී රටේ ආර්ථිකය බිද වැටී තිබියදි ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක‍්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් කොරෝනා අරමුදලට මේ මස රුපියල් 5000 බැර කර මා ද එම පිංකමට සහභාගි කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.” යනුවෙන් එම ලිපියේ සදහන්ව තිබිණි.

Giraya News Alerts

ලිපිය කියැවූ අග‍්‍රාමාත්‍යවරයා ලෙඩ ඇඳේ සිට පවා රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට මැදිහත්වීම අගය කරමින් හේවාහැට මහතා අතින්ම මෙම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළේය.

එම අවස්ථාවේදීම අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා කැදවූ අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති දින හේවාහැට මහතාට, ඒ මහතා අතින්ම මෙම මුදල ජනාධිපතිවරයා අතට පත්කිරීම සදහා අවශ්‍ය සියලූ පියවර ගන්නැයි උපදෙස් දෙනු ලැබීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top