කොරෝනා වෛරසය ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයින් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (11) දහවල් රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, මේ වන විට සුවය ලැබූ සමස්ත නාවිකයින් ගණන 650ක් වේ.
මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් අතරින් 874 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වේ. දැනට රෝහල්ගතව සිටින නාවික හමුදා සාමාජිකයින් ගණන 224ක් වේ.
