Advertise with Giraya
POLITICS

“යළි ගොඩනැගෙන රටට දායකත්වයක් දිය හැකි පිරිසක් පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුව යවන්න” – ඇමති ඩලස් ඉල්ලයි

යළි ගොඩනැගෙමින් තිබෙන රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙලට දායකත්වයක් සැපයිය හැකි පිරිසක් පාට පක්ෂ භේදයෙන් තොරව පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරන ලෙස අධ්‍යපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනතාවගෙන් ඉල්ලා සිටී.

මාතර, හුන්නදෙනිය ප්‍රදේශයේ පැවති කුඩා කණ්ඩායම් හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එසේම ඇමතිවරයා මෙසේ ද කියා සිටියා. “පාර්ලිමේන්තු නියෝජනයක් අපේක්ෂාවෙන් අද බොහෝ පිරිසක් මහ මැතිවරණ තරග බිමට පැමිණ සිටිනවා. මේ අය අතර කී දෙනෙක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට සූදානමින් ආ අයදැයි අවධානයෙන් බලන්න. පසුගිය කාලයේ කළ කී දෑ අනුව බලන්න. ඒ අනුව තීන්දුවක් ගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක අරමුණක් ඔස්සේ ගොඩනගන රට යළි ආපස්සට හරවන්න ඉඩදෙන්න බෑ. ඒ නිසා ඒ වැඩපිළිවෙළ පෙරට ගෙනයාහැකි පිරිසක් පත්කළ යුතුයි.

Giraya News Alerts

ජනතාව හැමදාම රවටන විපක්ෂය විවිධ අවලාද නගයි. මවාපෑම් කර පෙන්නාවි. රැවටෙන්න එපා. ඒ මවන බිල්ලන් දැන් නෑ. රට හරි මාවතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හරවා ඉදිරියට ගෙනයමින් සිටිනවා. එය පෙරටම ගෙන යනවා විනා නැවත හරවන්න කටයුතු නොකළ යුතුව තිබෙනවා. මම ඒ නිසයි කීවේ වැඩකරන්න පුළුවන් පිරිසක් මේ මැතිවරඛයේදී පාර්ලිමේන්තුවට යවන්න කියා.

අපේ රටේ වාසනාවට අද තරුණ දේශපානඥයින් කණ්ඩායමක් රට වෙනුවෙන් පෙරට ඇවිත් සිටිනවා. කංචන විජේසේකර ඉන් එක තරුණ නායකයෙක්. ඔහු හැමවිටම හරිදේ වෙනුවෙන් පෙනී සිටිනා රටට හැඟීමෙන්ම ආදාරය කරණා තරුණ දේශපාලනඥයෙක්. අපිට බය නැතිය, සැක නැතිව ඔහුව මෙවර පාර්ලිමේන්තුවට තෝරා යැවිය හැකියි. යැවිය යුතුයි කියා මා කියනවා.

කොවිඩ් 19 වෛරසය මුළු ලෝකයට බියට පත්කරද්දී අපි කණ්ඩායමක් වශයෙන් වැඩකර අපේ රටෙන් එය තුරන්කරමින් ඉන්නවා. අපි ලබමින් සිටිනා මෙම ජයග්‍රහණය කොවිඩ් 19 හමුවේ කඩාවැටෙන ලොක් බලවතුන්ටත් ආදාර්ශයක්. ලෝකයෙම් ඉහළම පිළිගැනීම තිබු රටවල් අද කොවිඩ් 19 නිසා මරණ වලින් පිරෙන විට අපි එය සාර්ථකව මර්දනය කරමින් සිටිනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සියළු අංශ එකම කණ්ඩායම් ලෙස කළ මහා සේවය නිසයි.

අපි මේ ලබාගත් ගෞරවය ආරක්ෂා කර ගනිමින් අපි රට යළි ඔසවා තබා පෙරට ගෙනයායුතුව තිබෙනවා. මම යළිත් කියන්නේ ඒ සඳහා අවංකම කැපවන පිරිසක් පාර්ලිමෙන්තුවට යවනා ලෙසයි.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top