කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් වැඩිම ගණනක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන මිලියන දෙක ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව, ඇ.එ.ජ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2,000,464ක් වේ. worldometer.com වෙබ් අඩවියේ දත්ත වාර්තාවන්ට අනුව එම ගණන 2,066,508ක් වේ.
එමෙන්ම, කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ මිය ගිය සංඛ්‍යාව 113,000 ඉක්මවා ගොස් තිබේ.
ඇමරිකාවේ ප්‍රාන්ත 20කම කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිර යන අතර රජය විසින් සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. “නිව්යෝර්ක් ටයිම්ස් ” පුවත්පතට අනුව මෙම ප්‍රාන්ත 20හි ඉකුත් දවස් හත තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ ,මෙසේ වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති ප්‍රාන්ත වනුයේ කැලිෆෝර්නියා ,ටෙක්සාස් ,ෆ්ලොරිඩා ,නොර්ත් කැරොලිනා ,ඇරිසෝනා ,ටෙනසී ,වොෂිංටන් දකුණු කැරොලිනා , මිසුරි ,උටා ,කෙන්ටකි ,නෙවාඩා ,නිව් මෙක්සිකෝ ,ඔරිගන් ,ඉඩහෝ වර්මොන්ට් ,හවායි ,අ;ලස්කා හා මොන්ටානා යන ප්‍රාන්තය.
ඇමරිකාවේ නිව්යෝර්ක් ඇතුළු සමහර ප්‍රාන්තවලින් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ඇතත් අනිකුත් ප්‍රාන්තවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත්තේ එම ප්‍රාන්ත විසින් දෛනිකව සිදු කරනු ලබන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම හේතුවෙන් බව “නිව්යෝර්ක් ටයිම්ස් ” පුවත්පත වාර්තා කරයි.
