Advertise with Giraya
NEWS

වවුචරය වෙනුවට සිසුන්ට රෙදි ලබා දෙන අවසන් තීරණය ගන්න කමිටුවක් පත් කරයි

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට ‘වවුචර් පත්’ ලබා දීමට පසුගිය රජය විසින් කටයුතු කරන ලදී. කෙසේ නමුත්, ලබන වසරේ සිට පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීම පිළිබඳව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇත.

වව්චර් පත් ලබාදීම වෙනුවට නිල ඇඳුම් ලබාදීමේදී රුපියල් මිලියන 540ක පමණ ලාභයක් අත්කර ගැනිමට හැකියාව පවතින බව දේශිය ව්‍යාපාරිකයින් පිරිසක් පසුගියදා පෙන්වා දී තිබේ.

එමෙන්ම, නිල ඇඳුම් ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කිරීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කොට නිල ඇඳුම් ලබාදිමේ සුදුසු ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top