Advertise with Giraya
NEWS

තවත් නාවිකයින් 14 දෙනෙකුට සුවයි

කොරෝනා වෛරසය ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. ඒ අනුව, අද (11) දිනය වන විට සුවය ලැබූ සමස්ත නාවිකයින් ගණන 622ක් වේ.

මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් අතරින් 874 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වේ. දැනට රෝහල්ගතව සිටින නාවික හමුදා සාමාජිකයින් ගණන 252ක් වේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top