Advertise with Giraya
NEWS

ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ජීවිතක්ෂයට

ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පහරදීමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කරන අන්දමට ඊයේ (10) පස්වරුවේදී මිරිහාන ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුව ඇත.

මාර්තු, අප්‍රේල්,මැයි මාස සඳහා ලීසිං වාරික ගෙවීමට නොහැකි වූ ත්‍රිරෝද රථ හිමියෙකුගේ QM 6608 දරන ත්‍රිරෝද රථය ‘චැන්මිල් ඉන්වෙස්ට්මන්ට්’ නම් කල්බදු ආයතනය විසින් රජයේ නියමයන් ද නොතකමින් රැගෙන ගොස් ඇති බවට එම ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් සිදුකල පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව විමසීම සඳහා සුනිල් ජයවර්ධන මහතා ඊයේ (10) පස්වරුවේ අංක 253, පරණ කොට්ටාව පාර, ඇඹුල්දෙනිය, නුගේගොඩ ලිපිනයේ ඇති එම ආයතනයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සිදු වූ බහින්බස් වීමක් දුර දිග ගොස් මෙම පහර දීම සිදුවී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 08 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top