Advertise with Giraya
NEWS

තවත් පෙරහුරු ඡන්ද 16ක්

ඉදිරි මහ මැතිවරණයට පෙර, ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පෙරහුරු ඡන්ද විමසීම් 16 ක් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

මෙවැනි පෙරහුරු ඡන්ද විමසීමක් පැවැත්වීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවූයේ කොරෝනා වසංගතයත් සමග මතුවූ සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින් ය.

මෙවැනි පෙරහුරු ඡන්ද විමසීමක්, ඡන්ද දායකයින් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07 වැනිදා, අම්බලන්ගොඩ ප‍්‍රදේශයේදී ද පැවැත්වුණා. එම පෙරහුරු ඡන්දය පැවැත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ එළඹෙන මහමැතිවරණය සඳහා කෝටි 800ත් 900ත් අතර ප්‍රමාණයක් වැය වෙනු ඇති බවයි.

Giraya News Alerts

ඉදිරියේදී පැවැත්වෙන පෙරහුරු ඡන්ද විමසීම් කිහිපයක් කොළඹ නගරයේ මහල් නිවාස සහ වතු නිවාස ආශි‍්‍රතව පැවැත්වීමට ද මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

සම්බන්ධිත පුවත්

අද අම්බලන්ගොඩදී පැවැත්වෙන පෙරහුරු මැතිවරණය

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top