Advertise with Giraya
POLITICS

එජාපයට එරෙහිව කටයුතු කළ 99 දෙනෙකුට විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කර ඇති පළාත් පාලන නියෝජිතයින් 99 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡා පැවැත් වු පළාත් පාලන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් හා වෙනත් පක්ෂයෙන් නාමයෝජනා භාර දුන් නියෝජිතයින් සම්බන්ධයෙන් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේය.

Giraya News Alerts

ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනිමට හැකියාව ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු නැවත පක්ෂය සමඟ එකතු කර ගැනීමට කටයුතු කරන බවද පැවසීය‍.

ඔවුන්ව නැවත පක්ෂයට එක් කර ගැනීමට හැකියාව ඇත්දැයි සොයා බලන බවත් එසේ නොමැති වු විට මෙවැනි ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බව ද කියා සිටියේය.

එසේම, පසුගිය 29 වන දින සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 99 දෙනෙකුගේ ද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කරනු ලැබීය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top